FAST NEWS

24×7 Around the Globe

අවසන් ටෙස්ට් තරගයේදි රංගන වාර්තා පොතට යයි..

එක් ක්‍රීඩාංගණයක් තුළදි ටෙස්ට් කඩුළු 100 ක් ලබා ගත් තෙවැන්නා විමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද (06) සමත් විය.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එංගලන්ත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි මෙවන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදි නායක ජොයි රූට්ගේ කඩුල්ල දවා ගනිමීන් හේරත් මෙම දක්ෂතාවය දැක්විමට සමත් විය.
මීන් පෙර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (එස්.එස්.සී,අස්ගිරිය,ගාල්ල) තෙවතාවක් මෙම දක්ෂතාවය දක්වා ඇති අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් (ලෝඩ්ස්) මෙම දක්ෂතාවය දැක්විමට සමත් වු පන්දු යවන්නෝ වෙති.
එසේම එම කඩුල්ල දවා ගැනිමත් සමග ඔහු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 431 ක් දක්වා ඉහළ ගිය අතර එය සර් විවියන් රිච්ඩ්ස් දවාගෙන ඇති ටෙස්ට් කඩුළු සංඛ්‍යාවට සම වෙයි.