FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අදයි…

ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද (06) පැවැත්වෙයි.
මෙහිදී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට සභිකයන් පත්කර ගැනෙන අතර එය පොදුවේ හැඳින්වෙන්නේ ඇමරිකානු කොංග්‍රසය ලෙසයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයෙන් වසර 04 ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විට මෙම මැතිවරණය පැවැත්වෙන අතර එහි පාලනය හිමිකර ගැනීම ට්‍රම්ප්ගේ ඉදිරි වසර 02 ක පාලනයට අතිශයින් වැදගත් වනු ඇත.
දැනටමත් මෙම මැතිවරණය තියුණු සටනක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.