FAST NEWS

24×7 Around the Globe

ළහිරු කුමාර තරගාවලියෙන් ඉවත් කෙරේ..

ක්‍රිකට් ක්‍රීඩක ආචාර ධර්ම සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාරව එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලයට ප්‍රමාදවී පැමිණීම හේතුවෙන් මෙලෙස ඔහුට විරුද්ධව ක්‍රීඩක ආචාර ධර්ම සංග්‍රහයේ වගන්ති කඩකළැයි දඬුවම් පමුණුවා තිබේ.
ඒ අනුව අද (06) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.