FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවුවත් එදිනට ජනාධිපතිතුමාගේ රාජාසන කතාව පමණයි..

පාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපතිතුමාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කමිටු සකස් කර ඉතිරි වැඩ කටයුතු සිදු කිරීමට අඩුම තරමින් දින 05 ක කාලයක් අවශ්‍ය වන බවත් මේ අනුව යළිත් වතාවක් පාර්ලිමේන්තුව රැස් වන්නේ දින 05 කට පසුව බවත් සුමතිපාල මහතා සදහන් කර සිටියි.