FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්දට එරෙහි ප්‍රථම නඩුව වැටේ.

ජනපතිවරණ සමයේ දේශපාලන වැඩට ලංගම බස් ගැනීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක් ඉල්ලා ලංකා ගමණාගමන මණ්ඩලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ හත් දෙනෙකුට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර ඇතුළු හත් දෙනෙක් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.