FAST NEWS

24×7 Around the Globe

“ජන මහිම”රැළියට අද එජාපයේ මන්ත්‍රීවරු 05 ක්…..

අද (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන “ජන මහිම” රැළියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ සමගින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 110 ක් බවට පත්වෙන බවත් 14 වනදා වන විට එම සංඛ්‍යාව 120 ක් බවට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.