FAST NEWS

24×7 Around the Globe

වසර 28 කට පසුව කිළිනොච්චියේ ගම්මානයක කුඹුරු අස්වද්දයි…

අවුරුදු 28 කට පසුව කිළිනොච්චියේ ජෙයපුරම් ගම්මානයේ ජනතාව සිය කුඹුරු අස්වැද්දීමේ කටයුතු ආරම්භ කොට ඇත. 
එම ප්‍රදේශයේ පදිංචිකරුවන් යුධ සමයේ පැවති භීෂණ තත්ත්වය හේතුවෙන් තම වාසස්ථාන අතහැර ගොස් ඇති අතර නැවත පදිංචියට පැමිණ ඇත්තේ පසුගිය වසරේයි.
ඒ ප්‍රදේශය ආශ්‍රිතව කුඹුරු අක්කර 568 ක් ඇති අතර මෙම ජනතාව අවසන් වරට මේ කුඹුරු යායේ ගොවිතැන් කොට ඇත්තේ 1990 වසරේදීය.
දැනට තාවකාලික නිවාසවල පදිංචි වී සිටින කිළිනොච්චියේ ජේයපුරම් ගම්මානයේ වැසියෝ මේ මාස් කනන්යේදී තම කුඹුරු වගා කිරීම සඳහා ජෙයපුරම් වැව පිළිසකර කිරීමේ කටයුතු ශ‍්‍රමදානයකින් සිදුකර ඇත.