FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවනය දෙසැම්බරයේ සිට…

ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රදේශය අතර මෙම දුම්රිය ධාවනය වීමට නියමිතව ඇත.
කිලෝමීටර් 34 ක දුරින් යුතු දුම්රිය මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 04 ක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමා හරහා ගමන් කිරීමක් මෙහිදී සිදුවුව ද ඉන්දීය සහ නේපාල ජාතිකයින්ට ඒ සදහා වීසා ලබාගැනීම අවශ්‍ය නොවන බව ද අදාළ බළධාරීන් ප්‍රකාශකර ඇත.