FAST NEWS

24×7 Around the Globe

පවතින අර්බුදය හමුවේ ඇති හොඳක් ගැන මංගල කියයි…

 

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් සටහන්කර ඇත.
2015 වසරේ සිටම දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දැන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් සදහන් කර ඇත.