FAST NEWS

24×7 Around the Globe

එජාපයේ නායකත්වයට රනිල් ඉවත් කර සජිත්ව ගේන්න සැලසුමක්…

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා හට හිමිවෙනු ඇති බවට එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරන්නේ ඔහු ගත් බොහෝ තීරණ නිසා යහපාලන රජය දෙදරා ගිය බවයි.
සජිත් ප්‍රේමදාස මහතා හට එජාපයේ නායකත්වය හිමිවනවාට ද එම පක්ෂයේ බොහෝ දෙනා කැමැත්තෙන් පසුවෙයි.
අරලියගහ මන්දිරය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදී, රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් එහි රැඳී සිටීම සම්බන්ධයෙන්ද එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධතාව ද පළකර ඇතැයි වාර්තා වේ.