FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමට පෙර මාස 04ක් සාකච්ඡා කරලා…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 04 ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන බව මාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජයින් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රීනිවාසන් ජයින් ඉන්දියාවේ NDTV රූපවාහිනී සේවයේ මාධ්‍යවේදියෙකි.
ඔහු සිය ට්විටර් ගිණුමට මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උපුටා දක්වමිනි.