FAST NEWS

24×7 Around the Globe

තරග පාවාදිම් ගැන ඇමති ෆයිසර්ගෙන් ප්‍රකාශයක්…

තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ, පරීක්‍ෂණ විධිමත් කරන ලෙස, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමාගෙන් ඉල්ලා සිටි බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ (02) මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ජාවකදී පැවසීය.
“අයි.සී.සී එක ක්‍රීඩාව පාවාදීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ දූෂණ විමර්ශන ඒකකය ගන්නා ක්‍රියාදාමය තමයි කිසිම නමක් හෙළිදරව් කරන්නේ නෑ, ඒගොල්ලන් චූදිතයෙක් ලෙස නම් කරන කම්. හැබැයි අවාසනාවට වගේ අපේ මාධ්‍ය තුළ නොයෙක් අයගේ නම් විශේෂයෙන් අන්තර් ජාලය තුළ නම් කරලා තියෙනවා.
එය අපේ ක්‍රීඩකයන්ගේ ආත්ම ගෞරුත්වයට, ආත්ම ශක්තියට ලොකු පහරක්. ඒ නිසා අයි.සි.සි.ය නම් කරන චූදිතයන් හැර, වෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එවැනි ප්‍රකාශනයක් නිකුත් කිරිමෙන් වළකින්න හේතුව අයි.සි.සි. එක කරන විමර්ශනය කරන්නේ රහසිගතවයි. ඒ නිසා අපි සියලු දෙනාම ඒ අයගේ ආත්ම ගරුත්වය රකින්න අපි කටයුතු කරන්න ඕනෙ කියන එක තමයි මගේ විශ්වාසය“