FAST NEWS

24×7 Around the Globe

ඉරානයෙන් තෙල් ආනයනය කරන රටවලට සහනයක්..

ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා රටවල් කිහිපයකට තාවකාලික සහන කිහිපයක් ලබා දීමට තීරණය කර ඇතැයිද කොන්දේසි කිහිපයක් මත එම සහන ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
එහෙත් මෙම සහන යුරෝපා සංගමයේ කිසිදු රටකට නොලැබෙන බව මයික් පොම්පෙඕ කීය.
තුර්කියට ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි බලශක්ති අමාත්‍ය ෆාටි දොන්මේස් කීය