FAST NEWS

24×7 Around the Globe

පැතුම් නිශ්ශංකගේ සිද්ධිය ගැන බට්ලර්ගෙන් ප්‍රකාශයක්..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පෙරේදා (31) අවසන් වූ පළමු පුහුණු තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ශංකගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්වීම තම ක්‍රිකට් දිවියේ ලැබූ භයානකම අත්දැකීමක් බව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් මාධ්‍ය වෙත පවසයි.
මෙම සිදුවීමෙන් පසු පැතුම්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගැනිණ.
‘ඒ වගේ දේකට කොහොමත් බය හිතෙනවා. ඒක සාමාන්‍යයයි,ෂෝට් ලෙග් කියන්නේ පන්දු රකින්න නරකම තැනක්. මම ඇත්තටම ඒක හිතල කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එයාට ලොකු ආබාධයක් නොවෙන්න කියලා’
පැතුම් රෝහල් ගතකිරීමෙන් පසු ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයට යොමුකළ අතර, එහිදී ඔහුගේ තත්ත්වය අවදානම් නොවන බව තහවුරු කළ අතර ඊයේ (01) දිනයේදී පැතුම් රෝහලෙන් පිටව ගියේය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 06 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.