FAST NEWS

24×7 Around the Globe

පාලිත රංගෙ බණ්ඩාරට ඩොලර් මිලියන 2.8 ක ලංසුවක්…

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8 ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සදහන් කරයි.
රංගෙ බණ්ඩාර මහතා කථානායක කරූ ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව හර්ෂ ද සිල්වා සදහන්කර ඇත.
ඔහු මේ සම්බන්ධයෙන් වන පුවතක් සිය ට්විටර් ගිණුම හරහා ද සදහන් කර තිබුණි.