FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය දෙගුණ කිරීමේ හැකියාව ලැබේ.

කාන්තා ලිංගික ක්‍රියාකාරීත්වය දෙගුණ කරන බව පැවසෙන කාන්තා ව්‍යාඝ්‍රා ඖෂධයට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ව්‍යාඝ්‍රා ක්‍රියාකාරීත්වයට වෙනස් බව පැවසෙයි.

ව්‍යාඝ්‍රා ඖෂධයේදී පුරුෂ ලිංගේනේද්‍රියට රුධිර සැපයුම වැඩිකිරීමක් සිදුකරමින් ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමක් සිදු වුවත්, මෙම කාන්තා ව්‍යාඝ්‍රා ඖෂධය මොළයේ රසායනික මට්ටම් ඉහළ නංවමින් කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය වර්ධනය කිරීමට සහාය වන ලෙස නිපදවා ඇති බව කියැවෙයි.

ඖෂධය වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර අත්හදා බැලීම් රැසක් සිදුකළ බවත්, එය වඩාත් සාර්ථක බව ඔප්පු වී ඇති බවත් අදාළ සමාගම වැඩිදුරටත් පවසයි.