FAST NEWS

24×7 Around the Globe

DOING BUSINESS දර්ශකයේ ලංකාව ඉදිරියට පැමිණෙයි…

DOING BUSINESS දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 11 ක් ඉදිරියට පැමිණ තිබේ.
මෙම වාර්තාව ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා වූ ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන දර්ශතකයයි.
2019 වසරට අදාළ වාර්තාවේදී ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට නම් කර ඇති අතර පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව පසුවූයේ 111 වැනි ස්ථානයේයි.
ලෝක බැංකුව විසින් රටවල් 190 ක් මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගනු ලබයි.
මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර 2015 සිට 2019 දක්වා පිළිවෙළින් 114, 109, 110, 111 හා 100 ලෙස ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටියි.
DOING BUSINESS දර්ශකයේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නවසීලන්තය, සිංගප්පූරුව හා ඩෙන්මාර්කය හිමිකර ගැනීමට සමත්ව ඇත.