FAST NEWS

24×7 Around the Globe

ජමාල් කෂෝගිගේ ඝාතනය ගැන තුර්කියෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරයි…

පසුගියදා ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
කෂෝගි තුර්කි සෞදි කොන්සල් කාර්යාලය තුළට ඇතුලූවූ වහාම ඔහුගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටත් ඉන් පසුව ඔහුගේ ශරීරය කොටස්වලට වෙන්කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවටත් එම නිල ප්‍රකාශයෙන් දක්වා ඇත.
පසුගිය ඔක්තෝම්බර් 02 වනදා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී කෂෝගි ඝාතනයට ලක්විය.
ඔහු සෞදි අරාබියේ බින් සල්මාන් කුමරු සහ පවුලේ කටයුතු දැඩි ලෙස විවේචනය කළ අයෙකි.
මිය යන විට කෂෝගි ඇමරිකාවේ සිට තම මාධ්‍ය වෘත්තියේ නිරත වී සිට ඇත.