FAST NEWS

24×7 Around the Globe

16 වෙනිදා පාර්ලිමේන්තු නව සැසිවාරයේදී බහුතරය පරීක්‍ෂා කිරීමක් නැහැ..

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළැඹෙන 16 වෙනිදා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද එදිනට පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්‍ෂා කිරීමක්වත් සිදුනොවන බවත් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.