FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ලකුණු 392 යි..

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු දෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම, පළමු දිනයට (30) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 09 ක් දැවී ලකුණු 392 ක් ලබා ඉනිම අත්හිටුවා සිටියේය.
ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන අද (31) එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු ඉනිම – 09/ 392
ළහිරු තිරිමාන්න 45
කෞෂාල් සිල්වා 62
සධීර සමරවික්‍රම 58
ඇන්ජලෝ මැතිව්ස් 45
අෂාන් ප්‍රියන්ජන් 50
මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59
පැතුම් නිස්සංක 29
මෙයින් අලී 64/‍02