FAST NEWS

24×7 Around the Globe

දිවා අාහාරයට – කෞෂාල් හා තිරිමාන්නගේ පිතිකරණය එංගලන්තය අසරණ කරයි..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදි අද (30) ආරම්භ වු පළමු දෙදින තරගයේ කාසිය වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට කිසිඳු කඩුල්ලක් නොදැවි ලකුණූ 99 ක් රැස් කර ගෙන සිටියේය.
නොදැවි සිටි ආරම්භක පිතිකරුවන් වු ලහිරු තිරිමාන්න ලකුණු 34 ක් සහ කෞෂාල් සිල්වා ලකුණු 62 ක් රැස් කරගෙන සිටියහ.
ලකුණු පුවරුව..

++++++++++++++(update)

පළමු දෙදින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද (30) කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදි ආරම්භ වන පළමු දෙදින තරගයේ කාසිය වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.