FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට අනතුරු අගවා සංගා හේරත් ගැන කියයි..

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර නොවැම්බර් මස 06 වැනිදා ගාල්ලෙන් ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත නවක ක්‍රීඩකයන් වන රොරී බර්න්ස් සහ ඔලී පෝප් ඉහළ දක්ෂතා දක්වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
“ඔවුන් දෙදෙනාම මානසිකව ඉතාමත් ශක්තිමත් ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන් සතුව අතිවිශිෂ්ට තාක්ෂණයක් තිබෙනවා. රොරී බර්න්ස් දඟ පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් මුහුණදෙන ආරම්භක පිතිකරුවෙක් වගේම ඉතාමත් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඔලී පෝප් වගකීමෙන් පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙක් ලෙසින් සරේ කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාවලින් පැහැදිලි වුණා. ශ්‍රී ලංකාව ඔවුන්ට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ පහසු ස්ථානයක් නොවන නිසා ඔවුන් කල්පනාකාරීව ක්‍රීඩා කරාවි යැයි මම සිතනවා.”
#රංගන හේරත්
“ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු දවාගෙන ජයග්‍රහණයකින් තම ක්‍රීඩා දිවිය නිමා කිරීමට රංගන හේරත් කටයුතු කරාවි යන්න මගේ විශ්වාසයයි. නමුත් එංගලන්ත කණ්ඩායමත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන සමබර කණ්ඩායමක්. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔවුන්ට විශාල අභියෝගයක් අනිවාර්යයෙන්ම එල්ල වේවි.”