FAST NEWS

24×7 Around the Globe

දෙදින පුහුණූ තරග දෙකට ශ්‍රී ලංකා සංචිත දෙක නම් කෙරේ..

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පෙරාතුව පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරග දෙක සඳහා වු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සඳහා වු සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර සිටියි.
ඒ අනුව ක්‍රීඩකයින් 15 බැගින් වු එම සංචිත දෙකෙහි නායකත්වය ලහිරු තිරිමාන්න වෙත පවරා තිබේ.
පළමු දෙදින තරගය කොළඹ එන්. සී. සී. පිටියේ දී ඔක්තොම්බර් මස 30, 31 පැවැත්වෙන අතර දෙවන පුහුණු තරගය නොවැම්බර් මස 1 හා 2 දෙදින සී. සී. සී පිටියේ දී පැවැත්වේ.
පළමු පුහුණු තරගයට ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය – ලහිරු තිරිමාන්න (නායක), කෞශාල් සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජෙලෝ මැතිව්ස්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ලහිරු කුමාර, නිශාන් පීරිස්, ශෙහාන් මධුසංක, රොෂේන් සිල්වා, පැතුම් නිස්සංක.
දෙවන පුහුණු තරගයට ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය – ලහිරු තිරිමාන්න (නායක), කෞශාල් සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ, ශෙහාන් මධුසංක, නිශාන් පීරිස්, ලහිරු කුමාර, පැතුම් නිස්සංක, දුෂ්මන්ත චමීර