FAST NEWS

24×7 Around the Globe

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්‌…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (28) සදහන් කර ඇත.
අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබෙන අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පිටින් දේශපාලන කුමන්ත්‍රණයක්‌ කිරීම මෙම දෝෂාභියෝගය අත්සන් කිරීමට මූලික හේතුව බවද මන්ත්‍රීවරයා පවසා ඇත.
ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන එන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද ප්‍රකාශ කර තිබුණි.