FAST NEWS

24×7 Around the Globe

විස්සයි – 20 පරාජයට දසුන් බලපෑ හැටි හා කමීදු ගැන තිසර කියයි..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පසුගිය 27 වැනිදා පැවැති විස්සයි – 20 තරඟය පරාජයට පත් වුයෝ උඩපන්දු අතහැරිම නිසා වන බව ශ්‍රී ලංකා විස්සයි – 20 නායක තිසර පෙරේරා තරඟයෙන් අනුතරුව මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම දසුන් ශානක තමන් සමඟ කඩුල්ලේ රැඳි සිටියානම් තරගය ජයග්‍රහණය කිරිමට හැකියාවක් පැවැති බවද ඔහු මෙහිදි පැවසීය.
 ‘හැමදාම වගේම මේ තරගයේදීත් උඩපන්දු අතහැරපු නිසා තමයි අපි පරාජය වුණේ. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගෙ හොඳටම ලකුණු ගත්ත අයගෙ තමයි උඩපන්දු අතහැරියේ. මේ තරගයට තිබුණ දේශගුණයත් එක්ක ලකුණු 187 ක් කියන්නෙ අමාරු දෙයක් නෙමෙයි. පළමු ඕවර දෙකේදී අපේ කඩුලූ දෙකක් නැති වුණ එකත් පරාජයට බලපෑවා. ඒ කඩුලූ ටික තිබුණනම් දිනා ගන්න තිබ්බා. මම දසුන් ශානකට කිව්වෙ අපි පුළුවන් තරම් වෙලාවක් බැට් කරමු කියලා. මොකද විස්සයි-20 තරගවලදී පන්දු 120 ක් වුණාට ලොකු දෙයක් කරන්න පුළුවන්. සමහර විට මාත් එක්ක දසුන් හිටියනම් මේ තරගය ජය ගන්න තිබ්බා.’
#කමීදු මෙන්ඩිස්..
‘ඇත්තටම කමිඳු මෙන්ඩිස්ගෙ ලොකු ප‍්‍රගතියක් තියෙනවා. මොකද මංගල තරගයේදී හැමෝම වගේ ගොඩක් චකිතයකින් තමයි පන්දු යවන්නෙත් පන්දුවට පහර දෙන්නෙත්. නමුත් කමිඳු මෙන්ඩිස් වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයේ හිටපු ක‍්‍රීඩකයෙක්. ඔහු ජාතික කණ්ඩායමට ආවා කියලා ලොකු වෙනසක් කරන්න ගියේ නැහැ. එයා අලූත් කියලා හිතන්නෙ නැතිව ධනාත්මකව පන්දුවට පහර දුන්න එක තමයි සාර්ථක වුණේ.’
‘කමිඳු මෙන්ඩිස්ට මම කියන්නෙ ධනාත්මකව ගහන්න කියලා. මම වුණත් ධනාත්මකව කී‍්‍රඩා කරපු නිසා තමයි අවුරුදු 10ක්ම ලංකාවට ගහන්න පුළුවන් වුණේ. එහෙම ධනාත්මකව ක‍්‍රීඩා කළේ නැතිනම් අද තිසර පෙරේරා කෙනෙක් නැතිවෙන්න තිබුණා. මම පටන් ගත්තෙ පළමු පන්දුවේ ඉදලම ගහලා. ඉතින් ඊට පස්සෙ පුහුණුකරුවන් තමයි මාව හැදුවේ. මම කමිඳුටත් කියන්නෙ ධනාත්මකව ක‍්‍රීඩා කළ යුතුයි කියලා.’
#පැරදුණේ ලකුණූ 30 කින්
 ‘අපේ අතිරේක දඟ පන්දු යවන්නන් දෙන්නත් එක්ක ඔක්කොම දඟ පන්දු යවන්නන් සිව්දෙනෙක් හිටියා. ලසිත් මාලිංග කියන්නෙ ඕනෑම තත්ත්වයක පන්දු යවන්න පුළුවන් කෙනෙක්. මම හිතුවෙ අපිට ලකුණු 187 ගහන්න පුළුවන් කියලා. කඩුලූ 7-8 ක් ගියත් අපි අන්තිමට පැරදුණේ ලකුණු 30 කින්.’