ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ බොයිං 737 වර්ගයේ ලයන් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතිි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාකර්තා අගනුවර සිට පංගක්කල් දූපත වෙත අද (29) පෙරවරුවේ මෙම යානය ගමන් ආරම්භ කර ඇති අතර ඒ වන විට එම යානය තුළ මගීන් 188 දෙනෙකු සිට ඇත.
ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ අතුරුදන් වූ ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බවයි.
අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව තොරතුරු තහවුරු කරගනිමින් සිටින බව එරට බළධාරීන් සදහන් කරයි.
Serpihan pesawat Lion Air JT 610 yang jatuh di perairan Karawang. Beberapa kapal tug boad membantu menangani evakuasi. Video diambil petugas tug boad yang ada di perairan Karawang. pic.twitter.com/4GhKcRYkpG
— Sutopo Purwo Nugroho (@Sutopo_PN) October 29, 2018









