FAST NEWS

24×7 Around the Globe

විස්සයි – 20 ට අද (27) එන කණ්ඩායම් දෙක මෙන්න.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (27) පැවැත්විමට නියමිත විස්සයි-20 තරගයට කුසල් ජනිත් පෙර්රා සහ අකිල ධනංජය ක්‍රීඩා නොකරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කුසල් ජනිත් වෙනුවට සධීර සමරවික්‍රමත්, අකිල ධනංජය වෙනුවට අමීල ⁣අපොන්සුත් තරඟයට ක්‍රීඩා කරනු ඇති බවද කියැවේ.
මේ අතර එංගලන්තය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් ජොර්ඩාන් ක්‍රීඩා කරනු ඇති බවද එංගලන්ත කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එසේම ක්‍රීක් ඉන්ෆෝ,වෙබි අඩවිය අද (27) තරගයට ක්‍රිඩ කල හඅකි කණ්ඩායම් දෙක නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාව (ක්‍රීඩා කල හැකි)
1 සධීර සමරවික්‍රම 2 නිරෝෂන් දික්වැල්ල 3 කුසල් මෙන්ඩිස් 4 දිනේෂ් චන්දිමාල් 5 ධනංජය ද සිල්වා 6 දසුන් ශානක 7 තිසර පෙර්රා 8 ඉසුරු උදාන 9 අමිල අපොන්සු 10 ලසිත් මාලිංග 11 දුෂ්මන්ත චමීර
එංගලන්තය (ක්‍රීඩා කල හැකි)
1 ජෙසන් රෝයි ⁣2 ජොස් බට්ලර් 3 ඇලෙක්ස් හෙල්ස් 4 ඉයන් මොගන් 5 ජොයි ඩෙන්ලි 6 බෙන් ස්ටොක්ස් 7 මොයින් අලි 8 ක්‍රිස් ජොර්ඩාන් 9 ලියම් ප්ලන්කට් 10 ආදිල් රෂිඩ් 11 ටොම් කරන්