FAST NEWS

24×7 Around the Globe

ටිම්ගේ නායකත්වය ගලවා පින්ච්ට දෙයි..

නොවැම්බර් මස දකුණු අප්‍රිකාව සමග පැවැත්විමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය ආරෝන් පින්ච් වෙත ලබා දුන් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
එ අනුව වර්තමාන එක්දින හා ටෙස්ට් නායක වශයෙන් කටයුතු කරන ටිමි පෙයින්ට ඉදිරියේදී ටෙස්ට් නායකත්වයේ වගකිම පමණක් පැවරෙන බව එම ආයතනය පවසයි.
ආරෝන් පින්ච් මෙ වන විට විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
ඔස්ට්‍රේ‍ලියා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ 2019 දි එංගලන්තයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කරගෙන බවද පැවසේ.