FAST NEWS

24×7 Around the Globe

සංගක්කාර හා ධර්මසේන හා ශෙන් වොන් එකම පුටුවකට..

හිටපු ඔස්ට්‍රේලියානු පා-ඳඟ පන්දු යවන ක්‍රීඩක ශෙන් වොන් MCC ලෝක ක්‍රිකට් කමීටුවේ සමාජීකයෙක් ලෙස පත් කර තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්,වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හා විනිසුරුවන්ගෙන් සමත්විත මෙම කමීටුව තුලින් ක්‍රීඩා නිති වෙනස් විය යුතු අකාරය සම්බන්ධයෙන් උපදේශන කාර්යයක් ඉටු කරනු ලබයි.
වසර 06 ක කාලයක් එම කමීටුවේ සමාජීකත්වය දැරූ හිටපු ඔස්ට්‍රේලියානු කඩුළු රකින්නෙක් වන රොබි මාර්ෂ්ගේ ඉල්ලා අස්විමෙන් පුරප්පුපාඩුව පිරවිම සඳහා මෙම පත් කිරිම සිදු කර තිබේ.
එංගලන්තයේ “ද මාර්ලිබොන් ක්‍රිකට් සමාජය” විසින් 2006 වර්ෂයේදි ආරම්භ කල මෙම කමීටුව වසරකට දෙවරක් රැස්වි සිය සාකච්ඡාවන් පවත්වනු ලබයි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මෙන්ම ක්‍රිකට් විනිසුරුවෙක්ද වන කුමාර් ධර්මසේන සහ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද මෙම කමීටුවේ සමාජිකත්වය හොඹවති.
කමීටු සමාජීකයින් : මයික් ගැටින්ග් (සභාපති), ජෝන් ස්ටෙප්සන් (MCC ප්‍රධානී ක්‍රිකට්), ෂකිබ් අල් හසන්, සුසී බෙටිස්, ඉයන් බිෂොප්, කුමාර් ධර්මසේන, සවිරොව් ගංගුලි, ටිම් මෙයි, බ්‍රෙන්ඩන් මැකලම්, රීකි පොන්ටින්ග්, රමේෂ් රාජා, කුමාර් සංගක්කාර, වින්ස් වැන් ඩාර් බියිජීල්, ශේන් වොන්.