FAST NEWS

24×7 Around the Globe

තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්‍රාවෝ සමුගනියි..

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්‍රාවෝ (35) අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිම නිවේදනය කර තිබේ.
2004 වසරේදි එංගලන්තයට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු වසර 14 ක කාලයක් එහි රැදි සිටියේය.
ඉදිරි පරපුරේ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දිමේ අරමුණෙන් තමා ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බවද හෙතෙම සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
ටෙස්ට් තරග 40 කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 2200 ක් රැස් කිරිමට හා කඩුළු 86 ක් දවාගෙන තිබේ.
එක්දින තරගවලදි ලකුණූ 2968 ක් හා කඩුළු 199 ක් දවා ගැනිමට ඔහු සමත්ව ඇත.
එසේම ඔහු අන්තර්ජාතික විස්සයි – 20 තරග වලදි ලකුණූ1142 ක් රැස් කරමින් කඩුළු 52 ක් දවා ගැනිමට සමත්ව තිබේ.