FAST NEWS

24×7 Around the Globe

එජාපය බස්නාහිර ඇතුලු පළාත්සභා බලය ඇල්ලීමට සැරසේ.

මේ වන විට එජාපය සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා විය.

මේ මගින් බස්නාහිර,දකුණ ඇතුළු එජාපයට අහිමි පළාත් සභා බලය නතු කර ගැනීම එජාප අභිප්‍රාය වී තිබේ .

එසේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකු මේවන විට ඉන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි ගමනක් යාමට කැමැත්ත පළ කර තිබේ.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙම පක්ෂය හැරයෑමේ තීන්දුවටට හේතු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මහ මැතිවරණයෙන් ලද පරාජය හා පක්ෂ නායකත්වය සමග කලකිරීම බවයි.