ලී කැටයම් හා අත්කම් භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම නැවතීමට පියවර..
පිට රටවලින් ලංකාවට ගෙන්වන ලී කැටයම් හා අත්කම් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) සීගිරිය ඇහැලගල ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ගම්මානයක් විවෘත කොට එහි කර්මාන්ත ශිල්පීන් හට උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීයි.
පාරම්පරිකව පවත්වාගෙන ගිය හස්ත කර්මාන්ත ගම්මාන ශිල්පීන් වෙනුවෙන් එම ගම්මානය හස්ත කර්මාන්ත ගම්මානයක් බවට පත් කොට එහි පලකය විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.
ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් විසින් තෝරාගත් ශිල්පීන්ට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ පරිත්‍යාගය කිරීම ද මෙහිදී සිදුවිය.
සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලක්ෂ 150ත් 200 ත් අතර ආදායමක් මධ්‍යම සංස්කෘතික අරමුදල ලැබෙන නමුත් එම මුදල් ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලී කැටයම් හා හස්ත කර්මාන්ත භාණ්ඩ ආනයනය නතර කරන මෙන් තමන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් කැමැත්ත ප්‍රකාශ කළ බව පැවසූ අමාත්‍යවරයා සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානයේ සංවර්ධනය පිණිස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් වැඩිදුරටත් පවසා සිටියේය.