FAST NEWS

24×7 Around the Globe

කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රමිකයන්ට මාස 03ක පොදු සමා කාලයක්…

කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයන්ට කිසිදු දඬුවමකට හෝ දඩයකට යටත් නොවී එරටින් පිටවීම සඳහා ඉකුත් 01 වැනිදා සිට 2019 මාර්තු 31 වැනිදා දක්වා මාස 03ක පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.
කොරියානු බලධාරින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ කොරියාවේ නීත්‍යානුකූල නොවන අන්දමින් රැඳී සිට අසුවන්නන්ට නැවත කොරියාවට පැමිණීම වසර 10 කට තහනම් කරනු ලබන නමුත් දැනට නීත්‍යානුකූල නොවන අයුරින් රැඳී සිටින විදේශිකයින් මෙම කාලය තුළ ස්වේච්ඡාවෙන් රටින් පිටවන්නේ නම් ඔවුන් නීත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටි කාලය පිළිබඳව නොසළකා නැවත පැමිණීමේ තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන බවයි.
පොදු සමාකාලය තුළ ස්වේච්ඡාවෙන් රටින් පිටනොවන විදේශිකයන් අත්අඩංගුවට ගෙන කඩිනමින් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවත් එම බලධාරීන් සදහන් කරයි.
නීතිවිරෝධීව රැදී සිටින විදේශිකයන්ගේ මව්රටවලට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන බව ද එම නිවේදනයේ සඳහන්ව ඇති බව කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.