FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත් පළමු තරගයෙන්ම සමුගනියි..

 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය යටතේ ගාල්ලේදි නොවැම්බර් 06 වැනිදා පැවැත්වෙන පළමු තරගයේදි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් ඔහු (40) ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික ටෙස්ට් තරග 92 කට ක්‍රීඩා කර කඩුළු 430 ක් දවා ගැනිමට සමත්ව සිටියි.