සිදුවු වරදේ වගකිම හා පිතිකරණයේ රහස දසුන් කියයි..

සිදුවු වරදේ වගකිම හා පිතිකරණයේ රහස දසුන් කියයි..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඊයේ (20) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300 සිමාව පසුකර යාමට නොහැකිවූයේ තමන් අතින්වූ වරදක් හේතුවෙන් බව තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි දසුන් ශානක පැවසීය.
දසුන් ශානක ඊයේ (20) තරගයේදී අගනා ලකුණු 66 ක් රැස් කිරීමට සමත් වුයේය.
“මම එනකොට ලකුණු 100ට කඩුලු 04 ක් ගිහිල්ලා තිබුණා. මම මගේ සාමාන්ය විහිදට තමයි බැට් කළේ. පීඩනයක් ගත්තේ නෑ. මම ඒ වෙලාවේ ලොකු වැරද්දක් කළේ කණ්ඩායමට..මගේ ඉනිම තවදුරටත් ඉදිරියට ගොඩනැගුවේ නැති එක. මම සාමාන්‍යයෙන් ගහපුවාම අඩි දෙකක් විතර ඉස්සරහට එනවා..ඒක වැරද්දක්. එතන රන් එකක් තිබ්බේ නෑ. ඒක හදා ගන්න ඕනේ. මගේ අතින් තමයි වැරැද්ද වුණේ.”
එසේම තමන් පිතිකරුවෙකු ලෙස සාර්ථක වීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළේය.
“මම කලින් පන්දුවට පහර දෙනකොට මගේ තාක්ෂණයේ පොඩි පොඩි දුර්වලතා තිබුණා. පිතිකරණ පුහුණුකරුයි..ප්‍රධාන පුහුණුකරුයි එක්ක කතා කරලා ඒ දේවල් පොඩ්ඩ පොඩ්ඩ හොඳ පැත්තට හරවගෙන තියෙනවා. තව..කලින් පොඩ්ඩක් හිටගෙන බැට් කලේ..දැන් පොඩ්ඩක් විතර පල්ලෙහායින් බැට් කරන්නේ.”
තරග 05 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේවනවිට 3-0 ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගෙන අවසන් වන අතර එංගලන්තය සමග පස්වැනි එක්දින තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.