FAST NEWS

24×7 Around the Globe

මෙරට සංචාරයක නිරත වන්නැයි අගමැති කළ ඉල්ලීම රාහුල් ගාන්ධි පිළිගනී…

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ බවත් ඔවුන් එම ආරාධනාව පිළිගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුDරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.