FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ප්‍රභලත්වය හා පන්දු යවන්නෝ ක්‍රියාකල කල ආකාරය මොගන් කියයි..

සිය පන්දු යවන්නගේ අඩු පාඩුවක් නොමැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණකාරි විලාසයකින් තරගයට අවතිර්ණ වු බව පසුගියදා පැවති තෙවැනි එක්දින තරගයෙන් අනතුරුව එංගලන්ත නායක ඉයන් මොර්ගන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
“අපේ පන්දු යවන්නන්ගේ අඩු පාඩුවක් මම කියන්නේ නෑ, ශ්‍රී ලංකා මුලින්ම ආක්‍රමණකාරී විලාසයකින් පිතිකරණයට අවතීර්ණ වුනා,නමුත් අපේ පන්දු යවන්නන් තිදෙනෙක් ඉතා හොදින් පන්දු යැව්වා අද අදවසේ කාර්ය ඉයු කලා,ඔවුන්ව ලකුණූ 150 කට සීමා කිරිමට ඔවුනු හොද දායකත්වයක් දුන්නා, අපේ පන්දු යවන්නෝ වේගය අඩු පන්දු හා කටර් පන්දු හොදින් යැව්වා,පන්දු යවන්නට ප්‍රසංශා කරලා මදි,ඔවුන් පළමු කඩුළු දෙක ලබා ගැනිමෙන් පසුව හොඳින් තරගයට අවතීර්ණ වුනා “
දෙරට අතර සිව්වැනි එක්දින තරගය හෙට (20) පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි දිවා තරගයක් ලෙස පැවැත් වීමට නියමීතය.