FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවසායකයින් දිරිගැන්වීමේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනයේ ඉදිවෙයි…

නව ව්‍යවසායකයින් සවිබලගැන්වීම සඳහා වන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එය ලංකාවේ සහ ඉන්දියානු රජයේ මූල්‍යාධාර සහිතව ස්ථාපිත කිරීමට නියමිතය.
මේ මගින් අපේක්ෂා කරනු ලබන්නේ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකයින් බිහිකරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුර ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදුකිරීමයි.