FAST NEWS

24×7 Around the Globe

තෙවැනි තරගයේ ජයත් එංගලන්තයට..

‍සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (18) පැවති තෙවැනි එක්දින තරඟය කඩුලු 07කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය පන්දු වාර 21කට සීමා වුණි.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ අරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 21 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 35ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් අදිල් රෂීඩ් කඩුලු 04 ක් සහ ටොම් කරන් කඩුලු 03ක් බිඳ හෙලුහ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කන්ඩායම පන්දු වාර 18 යි පන්දු 03 ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.
එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ඉයන් මෝගන් නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන්  අමීල අපොන්සෝ ලකුණු 27 කට කඩුළු 02 ක් දවා ගත්තේය.