FAST NEWS

24×7 Around the Globe

ජාතික අක්ෂි රෝහලේ මකුණු උවදුරකින් රෝගීන්ට පීඩා….

ජාතික අක්ෂි රෝහලේ වාට්ටු කිහිපයකට ඇඳ මකුණන් බෝවීම හේතුවෙන් ඒවායේ සිටි නේවාසික රෝගීන් වෙනත් වාට්ටු වලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
රෝහල් බලධාරින් විසින් ඇඳ මකුණන් බෝවීම වැළැක්වීමේ පියවරක් ලෙස රෝගීන්ට නිවෙස්වලින් කොට්ට, ඇඳ ඇතිරිලි ආදිය රැගෙන ඒමද තහනම් කර ඇත.
මේ හේතුවෙන් රෝගීන් සහ රෝහල් කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇඳ මකුණන් බෝවීම නිසා වසරකට දෙවතාවක් පමණ මෙලෙස වාට්ටුවලින් රෝගීන් ඉවත්කර බෙහෙත් දැමීමට සිදුවන බවත් රෙක්සින් මෙට්ට යෙදුවද රෝගීන්ට ඒවා පහසු නොවීම නිසා වාට්ටු හිස්කර මෙලෙස බෙහෙත් දැමීමට සිදුවන බවත් ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාන් මහතා සඳහන් කළේය.