FAST NEWS

24×7 Around the Globe

තෙවැනි තරගයට දෙපිලේම වෙනස්කම් – කණ්ඩායම් මෙන්න..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (17) පැවැත්විමට නියමීත තෙවන එක්දින ක්‍රිකට් තරග පස්වරු 2.30 ට දිවා/රාත්‍රි තරගයක් ලෙස ආරම්භ විමට නියමිතය.
කලවයේ අබාධයක් හේතුවෙන් කුසල් ජනත් මෙම තරගයට ක්‍රීඩා නොකරන බවත් එ වෙනුවට දකුණත් පිතිකරු සධීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත් වනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එසේම අබාධයකට ලක්වු එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ලියම් ඩොව්සන් වෙනුවට ටොම් කරන් හෝ සැම් කරන් අද කණ්ඩායමට ඇතුලත් වනු ඇති බවද පැවසේ.
එසේම අද (17) ක්‍රීඩා කිරිමට නියමීත යැයි අනුමාන කණ්ඩායම් ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය විසින් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව (ක්‍රීඩා කළහැකි): 1උපුල් තරංග, 2 නිරෝෂන් දික්වැල්ල (wk), 3 සධීර සමරවික්‍රම , 4 දිනේෂ් චන්දිමාල් (capt), 5 ධනංජය ද සිල්වා , 6 දසුන් ශානක, 7 තිසර පෙරේරා, 8 අකිල ධනංජය, 9 ලක්ෂාන් සඳකැන්, 10 ලසිත් මාලිංග, 11 නුවන් ප්‍රදීප්
එංගලන්තය (ක්‍රීඩා කළහැකි): 1 ජේසන් රොයි, 2 ජොනි බිස්ට්‍රොව්, 3 ජොයි රූට්, 4 ඉයන් මොගන් (capt), 5 බෙන් ස්ටොක්, 6 ජොස් බට්ලර් (wk), 7 මොයින් අලි, 8 ක්‍රිස් වොක්ස්, 9 සැම් කරන්/ටෙම් කරන්, 10 ආදිල් රෂිඩ්, 11 ඔලි ස්ටොන්