FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ජාතික ලැයිස්තුව ගොඩින් බේරාගනී.(update)

මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට නොහැකි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දී ඔහුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

පක්ෂයට හිමිවූ අනිත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතාට ලබාදීමටත් ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

—————————-(update) 9.48 a.m

ජ.වි.පෙ දෙකඩ වේ.

ඉහළ පෙළේ ආරංචි මාර්ග වලට අනුව මැතිවරණ කොමසාරිස්ට යැවු ලැයිස්තුවේ නම් කල අය වෙනුවට පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙක් වන සුනිල් හඳුන්නෙත්ති හා කේ. ඩී. ලාල් කාන්ත ජාතික ලැයිස්තුවට පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය මණ්ඩලය දෙකඩ වී ඇත.

“මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පරාජයට පත් වුණු සුනිල් හඳුන්නෙත්ති සහ කොළඹ දිස්ත්‍රික්කයේ පරාජයට පත් වුණ කේ. ඩී. ලාල් කාන්ත ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු බවට එක් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටින අතර දැනට යෝජනා කර තිඛෙන නිර්පාක්ෂික ලැයිස්තුවේ ඉහළින්ම සිටින යහපාලන ක්‍රියාකාරී හා හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා පත් කළ යුතු බවට තවත් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටියි,” යැයි ඔහු පැවසීය.
“මහ මැතිවරණයට පෙර අප ප්‍රකාශ කර සිටියේ එ.ජ.නි.ස හෝ එ.ජා.ප ය මෙන් නොව රටට ඉමහත් සේවයක් ඉටු කළ නිර්පාක්ෂික පුද්ගලයින් පමණක් ජාතික ලැයිස්තුවෙන් පත් කරන බවයි. සුනිල් හඳුන්නෙත්ති හෝ කේ. ඩී. ලාල් කාන්ත හෝ බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට කිසිදු සැකයක් නැති වුවද විශිෂ්ට පුද්ගලයන්ගෙන් හෙබී ජාතික ලැයිස්තුවට ඇඟිලි ගැසීම නොකළ යුතු බව බොහෝ දෙනාගේ මතයයි.”