FAST NEWS

24×7 Around the Globe

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරග තහනමක්..

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වු ස්ටුවර්ට් ලොව් හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග දෙකක තහනමක් පනවා තිබේ.
එ අනුව ඉන්දීයාව සමග ඉදිරියේදි පැවැත්විමට නියමීත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ඔහුට තහනම් වනු ඇත.
පසුගිය ඉරිදා හයිදාබාද්හිදි අවසන් වු ඉන්දීයාව සමග ටෙස්ට් තරගයේ කොදෙව් ක්‍රීඩක කිරන් පවෙල් ගේ දැවී යාමෙන් පසු තෙවැනි විනිසුරු කාමරය වෙත ගොස් යම් ප්‍රකාශයන් සිදු කිරිම සහ සිව්වැනි විනිසුරුට යම් ප්‍රකාශ සිදු කිරිම සම්බන්ධයෙන් උද්ගත වු ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහය උල්ලංගණය විමක් සම්බන්ධයෙන් මෙම දඩුවම් පැනවු බව අයි.සී.ය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එසේම ඔහු විසින් පසුගිය මාස 24 ක් තුල නීති සංග්‍රහය කඩ කිරිමේ අවස්ථා තුල පැනවු දඩුවම් ලකුණූද මෙම තරග තහනම සඳහා සැලකිල්ලට ගත් බව අයි.සී.සී ය පවසයි.