පූජිත් ජයසුන්දර ඉල්ලා අස්වුවහොත් පොලිස්පතිධුරයට නම් 02ක් යෝජනා වෙයි…

පූජිත් ජයසුන්දර ඉල්ලා අස්වුවහොත් පොලිස්පතිධුරයට නම් 02ක් යෝජනා වෙයි…

පසුගිය කාලයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදුකරන ලද විවිධ ප්‍රකාශයන් සහ විවිධ ක්‍රියාකලාපයන් හේතුවෙන් දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා විවිධ පාර්ශවවල පුද්ගලයන් විසින් දෝෂාරෝපණ එල්ල කරනු ලැබීය.
ජනාධිපතිතුමා ද පොලිස්පතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඔහුගෙන් ඉල්ලා ඇති අතර පූජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් වුවහොත් එම ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් වන එස්‌. එම්. වික්‍රමසිංහ සහ සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු සුදුසුකම් ලබා සිටියි.
ජ්‍යෙෂ්ඨත්වයෙන් පූජිත් ජයසුන්දර මහතාට ද ඉහළින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා ලබන වසරේ අප්‍රේල් මස 20 වැනිදා විශ්‍රාම යෑමට නියමිත වන අතර පොලිස්‌ පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යැමට නියමිතව ඇත්තේ 2023 වර්ෂයේ මාර්තු මස 25 වැනිදාය.
තමන් වෙත එල්ල වී ඇති චෝදනා සහ අප්‍රසාදය හමුවේ පොලිස්‌පති ධුරයෙන් ඉවත්වන බවට පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කළ අතර ඒ අනුව බොහෝදුරට ඉදිරි දින කීපය තුළ සිය ධුරයෙන් ඉල්ලා අස්‌වනු ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.
CATEGORIES