FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ට එංගලන්තය සමග තෙවැනි තරගය අහිමී වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට හෙට (17) පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීත සංචාරක එංගලන්ත කණ්ඩායම සමග තෙවැනි එක්දින තරගය අහිමී වනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
දඹුල්ලේදි පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව කුසල් ජනිත්ගේ කලවයේ අබාධ තත්වයක් මතුවිම මීට හේතුව වි තිබේ.
කෙසේ වෙතත් තෙවැනි තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය පිළිබඳව අද (16) දිනයේදි පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව සිදු වනු ඇති බවද පැවසේ.