FAST NEWS

24×7 Around the Globe

අවුරුදු දෙකක් කුණුහරුප කියන්න පුහුණු කරපු ගිරවට අවසානයේ මොකද වුනේ?

ඉන්දියාවේ මාහාරාෂ්ට ප්‍රාන්තයෙන් කුණු හරප කීමට උපන් හපන් ගිරවෙකු ගැන වාර්තා වෙනවා මේ ගිරවාගේ නම තමයි හරියාල්.

මේ හරියාල් ගිරවා හැමෝටම කුණු හරපෙන් බනින්නේ නැතිලු බනින්නේ 85 වියැති ජානාබායි කියන ගැණු කෙනෙක්ටලු.

ජානාබායි ගේ ඉස්සරහින් යද්දි තමයිලු හරියාල් ගිරවා මෙහෙම බනින්නේ.

කොහොමහරි මේගිරවා බනින කැත වචන අහන් ඉන්න බැරිම තැන ජනාබායි මේ ගිරවාව අත්අඩංගුවට ගන්න කියලා මාහාරාෂ්ට පොලීසියට පැමීණි කරලා තියනවා දෙතුන් වතාවක්ම එත් පොලීසිය මෙ ගැන ගණන් අරගෙන නැහැ.

අන්තමෙදි කොහොමහරි ජනාබායිගේ පැමිණිලි වැඩි වෙන නිසා ගිරවවයි ගිරවාගේ අයිතිකාරයාවයි පොලීසියට ගෙන්වලා අවවාද කරලා තියනවා.

තමන්ගේ ගිරවාගේ අයිතිකාරයා වෙන කවුරුත් නෙමේ ජනාබායිගේ සැමීයාගේ පළවෙනි කසාදේ පුතාලු.

තමන්ගේ පළවෙනි කසාදේ සැමීයාගේ පුතා සුරේෂ් සකර් ගිරවාට තමන්ට කැත වචන වලින් බනින්න කියලා අවුරුදු දෙකක් පුහුණු කරලා තියනවා කියලා පොලීසීයේදී ජනාබායි කියලා තියනවා.

එ වගේම ගිරවාව අත්අඩංගුවට ගන්න කියලා පොලීසියට බැගපත් වෙලත් තයනවා නමුත් සුරේෂ්වයි ගිරවවයි අත්අඩංගුවට අරන් නැහැ.

ඇත්තම මේකට හේතුව සුරේෂ්ගේ තාත්තාට අයිති ඉඩමක උරුමේ ගන්න ජනාබායිට එරෙහිව කරපු දෙයක්ලු.