FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ අවසන් ප්‍රථිපලය පමා වීමට හේතුව මෙන්න..

මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය පමා වීමට හේතු වී ඇත්තේ එජනිස හිටපු ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත සහ එජනිස වැඩ බලන නව ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල දෙදෙනා විසින් එජනිසය වෙනුවෙන් ජාතික ලැයිස්තු 2 ක් මැතිවරණ කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කිරීම නිසා කොමසාරිස් වරයා කුමන ලැයිස්තුව පිලිගන්නේ ද යන්න පිලිබඳව පත්ව ඇති නීතිමය අර්බුදයයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කව්ද යන්න ප්‍රකාශ නොකර අවසන් ප්‍රතිඵලය නිකුත් කළ නොහැකිය. අවසන් ප්‍රතිඵලය ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර නව ආණ්ඩුවට දිව්රුම් දිය නොහැකිය.

හිටපු ලේකම් සුසිල් ප්‍රේම්ජයන්තගේ වැඩ කටයුතු අධිකරණය විසින් වාරණය කර ඇති බැවින් ඔහුට ජාතික ලැයිස්තුවක් පත් කිරීමට නීතිමය වශයෙන් පැහැදිලිවම හැකියාවක් බලයක් නැත. නමුත් අර්බුදයකට ලක්ව ඇත්තේ එජනිස වැඩ බලන ලේකම්වරයා පත් කිරීම සම්බන්ධයෙනි. එජනිස ව්‍යවස්ථාව අනුව වැඩ බලන ලේකම් වරයා පත් කිරීමේ බලය ඇත්තේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට‘ ය. ‘පක්ෂය‘ විසින් යන සඳහන අනුව එම බලය ‘පක්ෂ සභාපතිවරයාට‘ පැවරේද යන්න සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස් වරයා කටයුතු කර තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නීතිපති යුවන්ජන අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් කුමන ලැයිස්තුව පිලිගන්නේ ද පිළිබඳ තීරණය ගැනීමේ අභිමතානුසාරී බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණය පවත්වා සතියක් තුල එහි අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස් වරයා බැඳී සිටී. ඒ අනුව ලබන සඳුදාට පෙර කුමන හෝ තීන්දුවකට පැමිණ අවසන් ප්‍රතිඵලයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ යුතුය.