ආදේශ කිරිම් – සංගා හා තමාගේ සමුගැනිම ගැන මහේලගේ සැර කතාවක්..

ආදේශ කිරිම් – සංගා හා තමාගේ සමුගැනිම ගැන මහේලගේ සැර කතාවක්..

ශ්‍රී ලංකා කණ්ඩායම මෙ වන විට පත්ව ඇති තත්වය වසර දෙකක පමණ කාලයක සිට සිදුවු දෙයක ප්‍රතිඵලයක් බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පසුගියදා එංලගන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමීන් පැවසීය.
එසේම තමන් සහ සංගක්කාර කණ්ඩායමෙන් ඉවත් වුයේ නියමීත අවස්ථාවේදි බවත් ඉන් කණ්ඩායමට යුක්තියක් සිදුවු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මහේල ජයවර්ධනගේ සම්පුර්ණ ප්‍රකාශය..
#කණ්ඩායමේ තත්වය හා ඉදිරිය..
“කණගාටුවට කරුණක් කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරන්නේ නෑ, එක පාර වේචච දෙයක් නෙවේ,දැන් අවුරුදු දෙකක කාලයක් විතර තුළ ඉදලා,හැම ඉරියව්වකින්ම එතරම් දක්ෂ විදියට සෙල්ලම් කරන්නේ නෑ, මම හිතන්නේ ක්‍රීඩකයන් විදියට ඔවුන් පිළි අරගෙන තියනවා ඔවුන්ගේ වැරදි තියනවා ඔවුන් හරියට සෙල්ලම් කරන්නේ නෑ කියලා, එ අමතරව මන් හිතන්නේ අපි ගත්ත තීරණ ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි තියනවා,මන් හිතන්නේ වැදගත් වෙන්නේ වැරදි තීරණ හදාගෙන ඉදිරියට මාස 08 ක් වගේ කාලයක් තියෙන්නේ ලෝක කුසලානයට, එ තීරණ හදාගෙන ක්‍රීඩයිනුත් තමන්ගේ වගකිම භාර අරගෙන ඉදිරියට යන එක තමා වැදගත් වෙන්නේ..”
#ක්‍රීඩක ආදේශය..
“මම හිතන්නේ දැන් අවුරුදු දෙකක දෙකහාමාරක කාලයක් විතර ඉදලා ක්‍රීඩකයින් ආදේශ කිරිම සම්බන්ධයෙන් අපිට ගොඩක් ගැටලු මතු වුනා,එ ගැන ප්‍රශ්න කළා,තරුණ ක්‍රීඩකයින් එනවා යනවා ආදේශ වෙනවා එළියට යනවා එකනම් හොඳ දෙයන් නෙමේ මොකද ඉන්න ක්‍රීඩකයොත් කණස්සල්ලෙන් ක්‍රීඩා කරන්නේ කොයි වෙලාවේ එලියට යයිද කියලා,අලුතින් එන ක්‍රීඩකයින් දන්නෙත් නෑ ඔවුන්ගේ ස්ථානය ස්ථාවරද නැද්ද කියන එක, එහෙම වතාවරණයක් උඩ වෙන්නේ ක්‍රීඩකයන් කණ්ඩායමට සෙල්ලම් නොකර ,තමන්ගේ තැන රැක ගැනිමට සෙල්ලම් කරනවා, ඉතින් එහෙම වුනාම තරග ජයග්‍රහණය කරන්න අපහසුයි, ඉතින් අපි එක දැක්කා ක්‍රීඩකයින් ආදේශ කිරිම මුල් අවදියේ වෙච්ච දෙයක් , මන් හිතන්නේ ක්‍රීඩකයන්ගෙනුත් අතපසු විම් වුනා කණ්ඩායමේ,ඔවුන් සමහර තරගවලදි ක්‍රීඩා කරපු විලාසය එ හැම දෙයක්ම මෙකට බලපාල තියනවා ඉතින් මම හිතන්නේ එ දෙවල් හදාගෙන පුලුවන් තරම් සංයමයකින්,එ වගේම කණ්ඩායමක් විදියට ක්‍රීඩා කලොත් අපිට හොඳ ලෝක කුසලානයකට අඩිතාලමක් දාන්න පුලුවන් කියලා..”
#සංගා හා තමාගේ සමු ගැනිම..
අනේ නෑ මම හිතන්නේ අපි දෙන්නම ආයේ එ ගත්ත තීරණය හරියි කියලා අපි පෞද්ගලිකව හිතනවා,මන් දන්නවා ක්‍රීඩා ලෝලීන් හිතනවා අපිට තව සෙල්ලම් කරන්න තිබ්බා කියලා, එක නෙමෙ වැදගත් වෙන්නේ ,අපි අපේ වයසයි ක්‍රීඩා කරන විලාසයයි,මන් හිතන්නේ නැ අපේ, ශ්‍රී ලංකා කණ්ඩායමට යුක්තියක් කරනවා කියලා, ඉදිරියට සෙල්ලම් කලානම් මොකද ,අපිට තව ලෝක කුසලානයක් කරා යන්න අවස්ථාවක් නෑ , එහෙම වුනානම් අපි ලොකු අපරාධයක් කරන්නේ කණ්ඩායමට මන් හිතන්නේ තරුණ ක්‍රීඩකයන්ට අපි හරි වෙලාවේ අවස්ථාව දුන්න කියලා අපි ,ගොඩක් අය කියනවා අනිත් ක්‍රීඩකයින් හැදුවේ නෑ කියලා අපි,එ ගැන අපි ඉතාමත් කණගාටු වෙනවා එ ප්‍රකාඔයන් වලට, මොකද හරි ලෙසියි එහෙම කියන එක,අපි කණ්ඩායමෙන් එලියට යද්දි අපිත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් 06 දෙනෙක් විතර හිටියා අවුරුදු 08 ක් විතර ,එ ක්‍රීඩකයින්නේ සාමාන්‍ය අපි ඔය කතා කරන අයගේ සාමන්‍යයට වඩා වැඩියි, එ තරම් හොඳට ඔවුන් සෙල්ලම් කලා,අපි ලෝක කුසලානය ජයග්‍රහණය කලා,විස්සයි විස්ස ලෝක කුසලානයක අපි ක්වාරටර් ෆයිනල් ආව අපි අන්තිම අවුරුද්දේ ,ඊට කලින් අපි අවසන් තරග සෙල්ලම් කරපු අය තමා එ තරුණ ක්‍රීඩකයෝ තමා අපිත් එක්ක ඉතින් මම හිතන්නේ නෑ නිකං බොරුවට ඇවිත් කතා කරනවට වඩා,එක කිසිම විදියකට පැවැත්මක් ඇතුව,අපි එ ප්‍රකාශ කරන්න ඕන නමුත් පසු කාලීනව ,නමුත් පසු බෑමකට ලක් වෙලා තියෙන්නේ මෙ අන්තිම අවුරුදු දෙක..එ ගැන අවධානයක් යොමු කරලා ,ඇයි අපි එ වැරදි කළේ,එ ක්‍රීඩකයින් හිටපු තත්වෙන් ඇයි අපි පල්ලෙහාට දැම්මේ ඇයි කියන එක පොඩි අවධානයක් යොමු කරානම් හොදයි කියලා හිතනවා…”