FAST NEWS

24×7 Around the Globe

කොදෙව් ක්‍රීඩකයන්ට අයි.පී.එල් තරග කිරීමට අවස්ථාව අහිමි නොවෙයි…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සභාපතිවරයා විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන් සුපුරුදු පරිදි එම තරගාවලියට එක්කර ගන්නා බව සදහන් කරයි.
කොදෙව් ක්‍රීඩකයන් ඉන්දීය තරගාවලිය වර්ජනය කළ හෙයින් ඔවුන් අයි.පී.එල්. තරගාවලියෙන්ද ඉවත් කළ යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිරිසක් පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (14) පවත්වා ඇති අතර මෙහිදී තීරණය වී ඇත්තේ කොදෙව් ක්‍රීඩකයන් අඛණ්ඩවම තරගාවලියට එක්කර ගත යුතු බවයි.