සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පසුගියදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පසුගියදා පැවැති දෙවැනි එක්දින තරගයේදි ලකුණු 44 කට කඩුලු පහක් දවා ගැනිම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩ ලසිත් මාලිංග මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම සියලූම පන්දු යවන්නන් හොඳින් යුතුකම් ඉටු කළ බැවින් එංගලන්ත පිල ලකුණු 278 කට සීමා කිරීමට හැකි වූ බවත්, අවාසනාවකට පිතිකරණයේදී ඒ දේ ළඟා කර ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කර සිටියේය.
‘ ඕනෑම කෙනෙකුට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියන්නෙ ගොඩක් සතුටු දෙයක්. මට මේ තරගයේදී කඩුලූ පහක් දවා ගැනීමට හැකි වීම ගැන ගොඩක් සතුටු වෙනවා. මම වගේම අනිත් ක්‍රීඩා කරන සියලූම ක්‍රීඩකයන්ට තමන්ගේ අංශයෙන් පුළුවන් ආකාරයෙන් දක්ෂතා දක්වලා කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වෙන්න තමයි උත්සාහ කරන්නේ. පන්දු යවන්නෙක් විදිහට අනිත් සහයක පන්දු යවන්නන්ගේ උදව්වත් එක්ක මට වැඩි කඩුලූ ප්‍රමාණයක් දවා ගන්න පුළුවන් වුණා. අනිත් සියලූම පන්දු යවන්නන් හොඳින් පන්දු යවපු නිසා තමයි මේ වගේ හොඳ කණ්ඩායමක් ලකුණු 278 කට සීමා කරන්න පුළුවන් වුණේ. අවාසනාවකට පිතිකරණයේදී ඒ දේ ලඟා කරගන්න බැරි වුණා.’’
#ස්ලොව් පුල්ටොස් පන්දුව ..
‘ඒ පන්දුවලට මුහුණ දෙන්න අමාරුද කියලා අහන්න ඕන අනිත් කණ්ඩායමේ පිතිකරුවන්ගෙන්. මම නිතරම කරන්නෙ මම දන්නෙ දේ විතරයි. ඒ පන්දුවලට සමහරවිට කඩුලූ එනවා. ගොඩක් කට්ටිය කියනවා මම ඒ පන්දුව හොඳට යවනවා කියලා. එහෙම කිව්වට ඒ පන්දුවට හයක් හෝ හතරක් ගැහුව්වොත් කියයි මම අයි.පී.එල්. ගිය නිසා ඒ පන්දුවලට පිතිකරුවන් පුරුදු වෙලා නිසා කඩුලූ ලබා ගන්න බැරි වුණා කියලා. මෙතන දෙපැත්තම තියෙවා.’
#පරාජයට හේතු…
‘‘ ඕනෑම කණ්ඩායමකට පළමු පන්දුවාර දහය ඇතුළත කඩුලූ 03 ක් දැවී ගියොත් ගොඩක් අමාරු තත්ත්වයකට පත්වෙනවා. අපිටත් වුණේ ඒ දේම තමයි. මම හිතන්නෙ ක්‍රිකට්වලදි හැමදාම එහෙම වෙන්නෙ නැහැ. මේ අත්දැකීම් එක්ක පිතිකරුවන් ඊළඟ තරගයේදී හොඳින් ක්‍රීඩා කරාවි.’
#පස්වැනි කඩුල්ල දවාගත් පසු හැසිරිම..
‘‘මම කාටවත් පණිවුඩයක් දෙන්න උත්සාහ කළේ නැහැ. මම තේරීම් කමිටු ගණනාවක් සමග ක්‍රීඩා කරලා තියෙනවා. මම හිතන්නෙ
පසුගිය වසර එකහමාරකින් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම කැනඩා ගිහින් සෙල්ලම් කළා. පළාත් තරග ක්‍රීඩා කරලා වැඩිම කඩුලූ ලාභියා වුණා. ඒ නිසා තමයි මට දැන් අවස්ථාව ලැබුණෙ. මේ ලැබුණ අවස්ථාවෙන් මම හැම වෙලාවෙම බලන්නෙ කඩුලූ ලබා ගන්නයි. මේ මගේ ක්‍රීඩා දිවියේ අන්තිම කාලය. ඒ නිසා හැම වෙලේම මම බලන්නෙ කඩුලූ ලබා ගන්නයි.’’
#ලෝක කුසලාන ගමන..
‘‘මම හිතන්නෙ නැහැ මට ලෝක කුසලාන ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා පසුගිය කාලයේ වෙච්ච දේවල් දැක්කහම. දැන් මම බලන්නෙ මහනුවර තියෙන ඊළඟ තරගයට ක්‍රීඩා කරන එක විතරයි. දෙන තරගය හොඳින් ක්‍රීඩා කිරීම තමයි අපේක්ෂාව.’
#ශ්‍රී ලංකා ක්‍රිකට්..
. ‘‘මම ගත්තත් නැතත් තරගයක් පැරදුනහම මට දුකයි. මම කඩුලූ පහක් ගන්න එකවත් තව කෙනෙක් කඩුලූ පහක් ගන්න එකවත් නෙමෙයි වැදගත්. තරගය ජය ගන්න කණ්ඩායමට කොහොමද සේවය කරන්නෙ කියන එක තමයි වැදගත්ම දෙය. මේ දිනවල අපේ කණ්ඩායම දිගටම පැරදුණා. ඒක මට ගොඩක් දුකයි. වසර ගණනාවක් තිස්සෙ තරග 20-30 ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අපට ඉන්නවා. ඔවුන්ට තව ටික කාලයක් අවස්ථාව දෙන්න ඕන. මීට වඩා හොඳ ක්‍රීඩකයන් ලංකාවේ නැහැ. මේ ඉන්නේ හොඳම ක්‍රීඩකයන්. ඔවුන්ට ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට මනස හදාගන්න දුන්නොත් පීඩනය හසුරුවා ගන්න පුළුවන් වේවි. අපි පළාත් තරගවලදී කොච්චර කඩුලූ අරන් ශතක ලබා ගත්තත් ජාත්‍යන්තර තරගවලදී ඒක වෙනස්. මේ පීඩනය තරග නරඹන අයටත් තියෙනවා. වැදගත් වන්නෙ පීඩනය හසුරුවාගන්න මනස හදාගන්න එකයි. එතකොට අපේ ක්‍රිකට් මීට වඩා ඉහළ යයි.’
#විශ්‍රාම යෑම..
‘‘මට සමහර වෙලාවට හිතෙනවා හොඳින් ක්‍රීඩා කරමින් සිටින වෙලාවක අවස්ථාවක් දෙන්නෙ නැතිනම් කණ්ඩායමෙන් ඉන්න එක ඵලක් නැහැ කියලා. නමුත් දැන්ම විශ්‍රාම ගන්න මට අදහසක් නැහැ. ලෝක කුසලානට අවස්ථාවක් ලැබුණොත් ක්‍රීඩා කරනවා කියන බලාපොරොත්තුව තියෙනවා. මම හිතන්නෙ නැහැ මට ලෝක කුසලානයේදී අවස්ථාවක් ලැබෙයි කියලා.’’
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගය ලබන බදාදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමීතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.